දේශීය

හිටපු ඇමති රිෂාඩ් රහස් පොලිසියට කැදවීම අත්හිටුවන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

(UTV |කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති ඇතුඵ සාමජිකයන් විසින් අත්සන් තබන ලද 2020 ජූලි මස 15 වන දින දරණ ලිපිය වැඩ බලන පොලිස්පති, සී. ඩි වික්‍රමරත්න මහතා වෙත යවමින් මැතිවරණ කොමිසම මෙසේ දන්වා සිටී.

හිටපු ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් මහතා විසින් කොමිසමට එවන ලද පැමිණිල්ලක් අද දින කොමිසම විසින් සලකා බලන ලද බවත් එකී පැමිණිල්ල සාරාංශයක් වශයෙන් ගත්කල දැක්වෙන්නේ 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වු අවාසනාවත්ත සිදුවිම සම්බන්දයෙන් ඔහුගේ සම්බන්ධතාවයක් තිබේද යන්න බැලිම සදහා පාර්ලිමේන්තු කමිටුවක් මගින් පරීක්ෂණ සිදු කල බවත් එහිදී ඔහු විසින් සාක්ෂි දෙනු ලැබු බවත් එකී විමර්ශණ වලින් අනතුරුව රිෂාඩ් බදියුදින් මහතා ඉහත කී 2019 අප්‍රේල් මස 21 සිද්ධියට හෝ වෙත් ත්‍රස්ත ක්‍රියාවකට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට එකි කිමිටුව විසින් තහවුරු කර ඇති බවයි.

එකී සිද්ධිය සිදු වි වසර 1/12 කට පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා නිරන්තරයෙන් කැදවිම් සිදු කරන බවත් එය තමාගේ දේශපාලන කටයුතු සදහා බාධාවක් වි ඇති බවත් ඔහු විසින් පැමිණිලි කර ඇති බවත් දක්වා ඇත.

බදියුදින් මහතා පිලිගත් දේශපාලන පක්ෂයක නායකයකු බවත් එම පක්ෂයෙන් 30 කට ආසන්න අපේක්ෂකයන් ප්‍රමාණයක් මෙවර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවත්, එමනිසා ඔහුට එකී දිස්ත්‍රික්ක වල මැතිවරණ කටයුතු වලට දායක විමට සිදුව ඇති බවත් කියා සිටී. තමාගේ ඉහත කී මැතිවරණ කටයුතු වලට බාධා වන ලෙස තමාව පොලිස් මුලස්ථානය වෙත කැදවිමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට බාධා වන බවත් මෙසේ ප්‍රකාශ ලබාදිම සදහා පැමිණීමෙන් එක්වරකට තමාට දින 03 ක් පමණ මැතිවරණ කටයුතු වලින් ඉවත්විමට සිදු වන බව ඔහු පවසයි.

ඔහුගේ පැමිනිල්ල සම්බන්ධයෙන් සාවදානයෙන් සලකා බලා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විම සදහා, ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනිම මැතිවරණයෙන් පසුව 2020 අගෝස්තු මස 10 වන දින තෙක් කල්තැබිමට ඔබට දැන්විමට කොමිසම ඒ අනුව එකමතිකව තීරණය කරන ලදී.

මැතිවරණ කොමිසමේ මෙම තීරණය අතිගරු ජනාධිපතිතුමාට හා ගරු නීතිපතිතුමාටත් දැන්විමට කොමිසම අපේක්ෂා කරන බව එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

එසේම කොමිසම දක්වා ඇත්තේ මිට ඉහතදීද ඉහත ආකාරයේ විමර්ශණ වලින් අපහසුතාවයට පත්වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පසුව සිදු කරන ලෙස කොමිසම කල ඉල්ලිම් වලට පොලිසිය ගරු කල බවයි. කොමිසම සෑම අවස්ථාවකදිම පොලීසියේ කටයුතු අගය කරන බවද එහි වැඩිදුරටත් සදහන් වේ.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් යාපනයෙන්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

Editor O

Leave a Comment