දේශීය

පිරිසිදු දේශපාලඥයින් වත්කම් බැරකම් භාර දෙයි

(UTV |කොළඹ) – මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට සිවිල් සංවිධානයකට මැතිවරණ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම අද (21) කිරුලුපන පැෆරල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ඒ ශ්‍රී ලංකාවේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා සියලුම අපේක්ෂකයන්ට මාර්තු 12 ව්‍යාපාරයේ විවෘත ආරාධනය අනුවය.

මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මංජුල ගජනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එය ජනගත කිරීමේ වැඩපිළිවෙලද සිදුකරන බවයි.

එම වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 12 ව්‍යාපාරය සඳහා ලබා දීමෙන් අනතුරුව අපේක්ෂකයන් ගිවිසුමකටද එළඹීම සිදුකරනු ලැබිණි.

කරුණු 5ක් ඊට අන්තර්ගත බවයි මෙහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමෙන් පසු පිරිසිදු චර්යාව,සුපිරිසිදු සමාජ සබඳතා,සුපිරිසිදු ගණුදෙනු ,සුපිරිසිදු ආදායම් වියදම් හා සුපිරිසිදු පරිසරය යන කරුණු පහට එකඟවෙමින් එම ගිවිසුමට අත්සන් තැබීම සිදුවෙයි.

ප්‍රේමනාත් සී දොළවත්ත,නිශාන්ත වර්ණසිංහ,එරාන් වික්‍රමරත්න,ආශු මාරසිංහ,එම්.තිලකරාජ් යන අපේක්ෂකයන් අද දින සිය වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 12 ව්‍යාපාරය වෙත ලබා දී ගිවිසුමට අත්සන් තැබීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් තමන් මෙම ක්‍රියාවට දායක වූ බවයි.

හැන්ඟීමට දෙයක් නොමැති හෙයින් ජනතාවට සිය වත්කම් බැරකම් ලබා දීමට බැරිකමක් නොමැති බවද දොළවත්ත මහතා පැවසුවේය.

සම්ප්‍රදායික මජර දේශපාලන සංස්කෘතිය අවසන් කර නැවුම් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට හැමදෙනාටම අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇතැයි කියාද ඔහු කියාසිටියේය.

එමෙන්ම මෙම නැවුම් දේශපාලන සංස්කෘතියත් සමඟ ඉදිරියට යාමට ජනතාව සූදානම් යන කාරණයද තමන් ජනතාව හමුවේ තබන බවයි ඔහු පැවසුවේ.

මෙහිදී අනෙකුත් අපේක්ෂකයින්ද මේ පිළිබඳව අදහස් දැක්වුහ.

Related posts

සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ට කදිරවේලු සන්මුගම් කුහදාසන්

Editor O

ජුනි 15 සිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු සඳහා පමණක් විශ්වවිද්‍යාල ඇරඹේ

Mohamed Dilsad

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment