කලා

ආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිට

(UTV | කොළඹ ) – සුපිරි බොලිවුඩ් සිනමා නළු අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන “බෙල් බොටම්” චිත්‍රපටයේ රූපගත කිරිම් ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර මෙහි රූපගත කිරිම් මාර්තු මාසයේදී සිදු කරන්නට නියමිතව තිබුණ අතර, කොරෝනා වෛයිරසය ලොවපුරා ව්‍යාප්තවීම හේතුවෙන් මෙහි සැළස්ම වෙනස් විය.

ආක්ෂේ කුමාර් සමග සුරූපි වානි කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, අක්ෂේ සමග චිත්‍රපට කිහිපයකම සිනමා පෙම්වතියන් ලෙස රංගනයෙන් දායක වූ උමා කුරේෂි හා ලාරා දත්තාද මෙහි උප ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වීමට නියමිතව ඇත.

Related posts

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

Mohamed Dilsad

ආක්ෂේ ආයේමත් භූමි එක්ක වැඩ

Mohamed Dilsad

බොලිවුඩ් පුරවරයට සල්මාන්ගෙන් නවක නිළියක්

Mohamed Dilsad

Leave a Comment