(UTV | කොළඹ) – විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (22) අලුයම මෙරටට පැමිණියහ.
ඒ , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහායි.
කටාර් ගුවන් සේවයේ යානයකින් ඔවුන් අද අලුයම 1. 30 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
අදාල 28 දෙනාගේ PCR පරීක්ෂණ පවත්වා ඇත්තේ පෞද්ගලික රෝහල් දෙකකින්.