විදෙස්

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

(UTV | ස්වීඩනය) – වසර 50 කට වැඩි කාලයකට පසු පළමුවරට “නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය” අවලංගු කිරීමට තීරණය කර ඇත.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ කොරෝනා වෛරසය වසංගතය පැතිර යෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කළද භෝජන සංග්‍රහය නොපැවැත්වේ.

සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගලාභීන් කලින් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඔවුන්ට හිමි පදක්කම් පැළැඳවීම සහ ත්‍යාග මුදල් ලබාදීම කෙරෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය.

එම උත්සවයෙන් පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී භෝජන සංග්‍රහය පැවැත්වෙන අතර , මෙම භෝජන සංග්‍රහයට සාමාන්‍යයෙන් අමුත්තන් 1,300 කට ආසන්න පිරිසක් සහභාගී වෙයි.

අවසන් වරට නොබෙල් භෝජන සංග්‍රහයක් අවලංගු කෙරුණේ 1956 වසරේදීය . ඒ සෝවියට් සමූහාණ්ඩුව හංගේරියව ආක්‍රමණය කළ අවස්ථාවේදීය.

පළමු හා දෙවැනි ලෝක යුද්ධ පැවැති අවස්ථාවලදී ද නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කර ඇත.

සාමය, විද්‍යාව සහ සාහිත්‍ය යන ක්ෂේත්‍රවලින් අත්පත් කරගන්නා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් වාර්ෂිකව නොබෙල් ත්‍යාග පිරිනමනු ලබයි.

Related posts

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

Mohamed Dilsad

යුක්‍රේන ගුවන් යානයට අත්වැරදීමකින් පහරදුන් බව ඉරානය පිළිගනී

Mohamed Dilsad

Leave a Comment