දේශීය

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

(UTV | කොළඹ ) – රාජ්‍ය සේවයේ නිරත ව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

ඊයේ (22) රැස්වු අමාත්‍ය මණ්ඩලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන් ට පමණක් වන අතර ඒ සමස්ත විශ්‍රාමිකයන්ගෙන් 10% ක පිරිසක් පමණක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ දී විෂමතාවක් නිර්මාණය වී ඇති බැවින් එම විෂමතාව ඉවත් කොට විශ්‍රාම ලැබු සියලුම රාජ්‍ය සේවකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලැබෙන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට තීරණය කර තිබේ.

රජයේ සේවකයින් ට සහ සියලු විශ්‍රාමිකයින් ට ගුණාත්මක අගයෙන් යුත් ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වන පරිදි විශේෂ වු සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා තවදුරටත් පවතින බැවින් එම විෂමතා වහාම ඉවත් කිරීම පිණිස සුදුසු යෝජනා ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම්දීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

Mohamed Dilsad

Leave a Comment