දේශීය

ලංගම මුල්‍ය අවදානමක

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවතින තත්ත්වය තුළ මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.

මගී ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතය අවම වීම හමුවේ මෙම අවදානම මතුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක පැවසුවේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතියෙන් පසු මේ වනවිට මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20 කින් පමණ පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ඇඳිරි නීතිය පැනවීමට පෙර සාමාන්‍ය දිනක මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 75 ත් 85 ත් අතර අගයක පැවති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මගී ජනතාව පුද්ගලික වාහන මගින් සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම බොහෝ සෙයින් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුව බලපා ඇතැයි ඔහු සඳහන් කළේ ය.

පවතින තත්ත්වය තුළ ඉදිරියේදී සේවක වැටුප් ගෙවීම, බස් රථ නඩත්තු කිරිම වැනි කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බවත් දැනට එම කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද ඒ.එච් පණ්ඩුක සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන කඩිනමින් විකල්ප ආදායම් මාර්ග වෙත යොමු වීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ඊට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇතැයි ඔහු පැවසුවේ ය.

Related posts

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුර SMS පණිවිඩයකින්

Mohamed Dilsad

හෙට දුම්රිය සේවකයින් සේවාවලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment