විදෙස්

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

(UTV | ඇමරිකාව) – මේ වන විට වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තාවන ලොව වැඩිම රට වන ඇමරිකාව තුළ වසංගතය පාලනයවීමට පෙර එය වඩාත් දරුණු තත්ත්වයට පත්වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එමෙන්ම මුව ආවරණ පළඳින ලෙස සියලු අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.

වෛරසය ආසාධනය නොවීමට මුව ආවරණ යම්තාක් දුරකට ඉවහල් වන්නේ යැයි තමන් පිළිගන්නා බවද ට්‍රම්ප් මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් මෙය මුව ආවරණ සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර දැරූ ස්ථාවරය හා සම්පූර්ණයෙන්ම පරස්පර මතයක්වීම විශේෂත්වයක්.

මේ වනවිට අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මා ගොස් ඇති අතර මරණ ගණන 145 000 කට ආසන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 484 දෙනෙකු හමුවී ඇති අතර පසුගිය සති 2 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඞ් ආසාදිතයන් ගණන 3810 ක්.

මීට අමතරව ඉන්දියාවේ දිල්ලි අගනුවර ජනයාගෙන් 1/4 ක් කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇතැයි අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

Related posts

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

Mohamed Dilsad

ටෙක්සාස්හි බෝම්බ පිපිරීමක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment