දේශීය

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

(UTV | කොළඹ) –  IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු ද වෙයි.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් UNP මහලේකම් ධුරයට

Mohamed Dilsad

අදත් පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

අද දිනයේ පාසැල් පැමිණි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment