දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මෙහිදී කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

Editor O

කපුටු කාක් කාක් – පාර්ලිමේන්තුවේ රැව්දෙයි

Mohamed Dilsad

5000 දීමනාව නිර්දේශ කරන විශේෂ කමිටු රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment