දේශීය

කොළඹ ආශ්‍රිතව කොරෝනා අවදානමක්

(UTV |කොළඹ) – කොළඹ ජාතික උණ රෝහලෙන් පැන ගිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයා නිසා සමාජයේ කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු අත්අඩංගුවට ගන්න තෙක් කොළඹ අවට සැරිසැරීම නිසා ඔහුට මගතොටදී හමුවූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

ආසාදිතයා රෝහලෙන් බැහැරව ගමන් කළ ස්ථාන ඇසුරු කළ පුද්ගලයන් පිලිබඳව ගැඹුරින් සොයමින් සිටින බවද එසේ පුද්ගලයන් ඇත්නම් වහාම නිරෝධායනයට යොමු කරන බවද සමරවීර මහතා සඳහන් කළේය.

මෙම රෝගියා සමාජයේ සැරිසැරීම ගැටලුවක් බවත් ඒ හේතුවෙන් කොරෝනා අවදානමක් නැවතත් සමාජය තුළින් මතු වී තිබෙන බවත් පැවසූ ඔහු එම රෝගියාට කිසිවකු නිරාවරණය වූයේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නයි ඉල්ලා සිටියේය.

කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් අවසන් වී නොමැති නිසා ලංකාව තුළත් ඒ අවදානම අවසාන වී නැතැයි ද ඔහු තවදුරටත් පැවසුවේය.

ආසාදිතයන් ඕනෑම මොහොතක සමාජය තුළින් මතුවීමේ අවදානමක් ඇති නිසා ඒ ගැන ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

 

Related posts

පැය 18ක් තුළ මැතිවරණ නීති කඩ කිරීම් 350 ඉක්මවයි

Mohamed Dilsad

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කිසිදු පක්ෂයකට මුදල් දුන්නේ නැහැ – නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල

Editor O

රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමට

Mohamed Dilsad

Leave a Comment