ව්‍යාපාරික

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි කිරීමට සුදානම්

(UTV |කොළඹ) – එක්සත් රාජධානිය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.

මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ඊයේ (24) පැවති ටෙලි සම්මන්ත්‍රණයකදී සකච්ඡා පවත්වා ඇත.

මෙම අමාත්‍යවරුන් දෙදෙනා අතර නිල වශයෙන් පැවති පළමු සාකච්ඡාව මෙය වන අතර එහිදී ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන කටයුතු වැඩිදියුණු කිරීම සහ සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

වැඩිදියුණු කළ වෙළඳ කටයුතු, ආරක්ෂක කටයුතු, පර්යේෂණ හා පුහුණු, විද්‍යාව හා තාක්ෂණය සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම දෙරටේ පුද්ගලාන්තර සබඳතා තුළින් දිගු කාලීනව පවත්නා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අමාත්‍යවරු දෙපළගේම සතුට පළවී තිබේ.

විශේෂයෙන්, කොවිඩ් 19 වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන කටයුතු වලදී මුහුණ පා ඇති අභියෝග ජයගැනීම සඳහා සමීප සහයෝගීතා ඇති කරගත යුතු බවට ගුණවර්ධන සහ ජයවර්ධන අමාත්‍යවරු එකඟ වූහ.

පීඩනයක් එල්ල කරන ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සැපයුම් දාම ක්‍රියාත්මක කිරීමේ සහ විදේශ ගමන් හා සංචාරක කටයුතු ක්ෂේත්‍ර විවෘත කිරීමේ වැදගත්කම ඔවුහු හඳුනාගත්හ.

ශ්‍රී ලංකාවේ නව අපනයන නිෂ්පාදන සඳහා එක්සත් රාජධානි වෙළඳපළේ ඇති ඉඩප්‍රස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

 

Related posts

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

Leave a Comment