දේශීය

අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග රිමාන්ඩ්

(UTV |මීගමුව) – මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඔහු මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(25) නියෝග කළේය.

මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

ඒ අනුව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

 

Related posts

වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හිඟයක් ?

Mohamed Dilsad

කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

Mohamed Dilsad

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment