දේශීය

වැසි තත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ ) – හෙට (28) පස්වරුවේ සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිදයා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතෙත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශය ඉල්ලෙමක් කරයි.

Related posts

රෑට මැරෙන්න එපා…! මියයෑමට සිටින අයට, වෘත්තීය ක්‍රියමාර්ගයක යෙදී සිටින ග්‍රාම නිලධාරීනියන්ගෙන් දැනුම්දීමක්

Editor O

සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment