දේශීය

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ඇඟිලි සලකුණු ඔස්සේ අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ඇඟිලි සලකුණු විමර්ශණ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ එමගින් අපරාධ 122 ක් විසඳීමට සමත් වූ බවයි.

මෙම විශේෂ මෙහෙයුම ඊයේ (26) පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ සිදුකර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 1191 ක්.

වරෙන්තුකරුවන් 402 ක් , දූෂණ නඩු සඳහා අවශ්‍ය සැකකරුවන් 539 ක් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 157 ක් මේ අතර වෙයි.

මේ අතර ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකල වැටලීම්ලින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් 539 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

Related posts

භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා දීම පිළිබඳ මෙතෙක් තීරණයක් නැත

Mohamed Dilsad

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment