(UTV | කොළඹ ) – ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් කඩඉම් සීමාවක් පසුකරමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
2011 වසරෙන් පසු රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1900 ඉක්මවු අතර රන් මිල එම සීමාවට පැමිණියේ ප්‍රථම වතාවටයි.
ගතවූ සතිය තුළ පමණක් ලෝක වෙළඳපොලේ රන් මිල සියයට 4 කින් ඉහළ ගිය අතර, ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු වන ඉන්දියාවේ රන් මිල මේ වසර තුළ මේ දක්වා සියයට 30 කින් ඉහළ යාම විශේෂත්වයකි.