දේශීයව්‍යාපාරික

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

(UTV | කොළඹ) – මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය විසින් ආරම්භ කර ඇත.

මෙහි මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දි ඇති බව මහා භාණ්ඩාගාරය නිවේදනය කළේය.

සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැවති ජනාධිපතිවරණ සමයේදි ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය.

 

Related posts

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලාංකික සිසුන් හට ජින්නා ශිෂ්‍යත්ව පිරිනමන ලදී

Mohamed Dilsad

රුසියානු තානාපති හමුවී සාකච්ඡා කිරිමට පක්ෂ 10 තීරණයක

Mohamed Dilsad

Leave a Comment