දේශීය

බන්ධනාගාරයට පාර්සල් විසි කළ ප්‍රධාන සැකකරු අල්ලයි

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දින කීපයේම වැලිකඩ බන්ධනාගාරය තුළින් දුරකථන, සිම් ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක්ම සොයා ගැනුණි.

එමෙන්ම වැලිකඩ කාන්තා, කොළඹ මැගසින් සහ මීගමුව යන බන්ධනාගාරවල ඉදිකර ඇති තාප්පවලට ඉහළින් දැලක් යෙදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ, එම බන්ධනාගාර තුළට, පිටත සිට තහනම් භාණ්ඩ විසිකිරීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්.

 

Related posts

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

කුවේටයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment