දේශීය

ළමා අපයෝජනයට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) –  ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ළමාරක්ෂක අධිකාරිය සමඟ එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියි.

2015 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 47,177 ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති රැස්වීමකදී අනාවරණ වී ඇත.

ළමා අපයෝජනයක් හෝ ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවුවහොත් ඒ පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1929 යන අංකය ද හඳුන්වා දී ඇත.

මෙය ළමා සංවර්ධනය හා කාන්තා අභිවෘද්ධිය අමාත්‍යාංශයේ ළමා උපකාරක දුරකථන සේවාවකි.

Related posts

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවය – චන්න ජයසුමන

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment