(UTV | කොළඹ) – නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.
1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.
මේ අතර, පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.