ක්‍රීඩා

පුරප්පාඩු වූ ක්‍රිකට් උප සභාපති ධුරය ජයන්ත ධර්මදාසට

(UTV | කොළඹ) – කේ. මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය වෙනුවෙන් ජයන්ත ධර්මදාස මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව එම තීරණය ගත් බව පැවසේ.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මතිවානන් මහතා පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

ඒ අනුව හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ඒකමතිකවම තීරණය කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ නායකයා කවුද?

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment