දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.

මෙම නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහයදැක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

 

 

 

Related posts

මුදල් වංචාවකට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලුනාවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment