දේශීය

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකරනු ලැබීය.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ අද පස්වරුවේ පවත්වනු ලබන පෙරහැරින්ය.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇත.

Related posts

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

ඡන්දදායකයන් ලක්ෂ 40කගේ මනාපය කාටදැයි තීරණය අවසන් දෙසතියේදී

Editor O

Leave a Comment