දේශීය

කොරෝනා කාලයේ මත්තල මෙහෙයුම් ඉහළට

(UTV |හම්බන්තොට) – කොරෝනා වෛරස හේතුවෙන් පසුගිය කාලය තුළ මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් තිබේ.

ගතවූ මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වී තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළ ආකාරයට විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුණු බවයි.

එසේම ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා කාලය තුළ ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ ඇත.

Related posts

තෙල් නෞකාවේ ගින්න තවදුරටත් – අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට

Mohamed Dilsad

ලයින් කාමර යුගය අවසන් කර පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා – ජනාධිපති

Editor O

කොරෝනා නිසා මරණ ලියාපදිංචියේදී සැලකියයුතු කරුණු

Mohamed Dilsad

Leave a Comment