දේශීය

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – කොවිඩ් -19 තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල මැතිවරණය අවසන් වන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ මැතිවරණ කටයුතු සමග උද්ගත විය හැකි ප්‍රයෝගික ගැටලු ඊට හේතුව බවයි.

මැතිවරණය අවසන්වීමෙන් පසු පළමු වරට විදෙස්ගත ලාංකිකයන් ගෙන්වාගැනීමට නියමිතව ඇත්තේ ලබන 08 වනදායි.

එදින ඩුබායි සිට ගුවන් යානා 02 ක් මගින් 600 කට අධික ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.

අනතුරුව මාලදිවයින සහ මැද පෙරදිග රටවල සිට විශේෂ ගුවන් වාර මගින් ලාංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

අදත් පැයකට වැඩිය කාලයක් විදුලිය නැහැ

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Editor O

Leave a Comment