දේශීය

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

(UTV | පුත්තලම) –  වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා යම් දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකුට හෝ ස්වාධීන කණ්ඩායම් නායකයෙකුට එක් මධ්‍යස්ථානයකට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් නම් කළ හැකි බව ද එම කොමිසම වැඩිදුරටත් පවසා සිටී.

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීම සඳහා අද පෙරවරුවේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කරනු ලැබීය.

දිවයින පුරා පරිශ්‍ර 71 ක සිට ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Related posts

Covid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

පිළිකාකාරක කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද

Mohamed Dilsad

Leave a Comment