ප්‍රමුඛ පුවත 3විදෙස්

ලෙබනනයේ පිපිරීම්වලින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් තිබේ.

එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසරක හයකට අධික කාලයක් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

ඇමෝනියා නයිට්රේට් ටොන් 2750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ බව පිළිගත නොහැකි බව එරට ජනාධිපති මයිකල් අවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි වගකිවයුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව එරට ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පිපිරීමෙන් විපතට පත්වූවන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන 66ක මුදලක් නිදහස් කර තිබේ.

Related posts

කළු ජාතිකයාගේ මරණයට එරෙහි ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

Mohamed Dilsad

අවුන්සාන් සුඛී 15 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

Mohamed Dilsad

Leave a Comment