දේශීය

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

(UTV | කොළඹ ) – අද (06) දිනය තුල සබරගමුව හා මධ්‍යම පළාත් වලත් , ගාල්ල , මාතර හා කලුතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් හා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද දිනයේදිත් අපේක්ෂා කරන බව කාළගුණ නිවේදනයේ දැක්වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහල යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතියි.

එබැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

Mohamed Dilsad

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

ගිනි ගත් නැව ගැන සොයන්න වීශේෂඥ කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment