විදෙස්

ඩුබායි – අජ්මාන් ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

(UTV | ඩුබායි) –  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ඊයේ (05) හටගත් දැවැන්ත ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ සඳහා ඩුබායි, සාජා මෙන්ම අල් – කුවයින් නාගරික ගිනි නිවීමේ සේවා එක්වූ බව කාලීජ් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කළේය.

පළතුරු සහ එළවළු අලෙවි කරන ස්ථානයක ගින්න ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණයක් වාර්තාකර නොමැත.

Related posts

බ්‍රිතාන්‍යයේ නිරෝධායන ඇඳිරි නීති සීමා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

Mohamed Dilsad

ලෙකීමා සුළි කුණාටුවෙන් චීනයේ 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment