දේශීයප්‍රමුඛ පුවත 3

මහ මැතිවරණයට ඇමරිකාවෙන් සුභ පැතුම් [RELEASE]

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරාපත්කර ගැනීම සඳහා පැවති මහ මැතිවරණය පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය සුභ පැතුම් එක්කර ඇත.

“අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ. කොවිඩ් -19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ,” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන්.

“නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි, රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් එම නිවේදනයෙන් දක්වා සිටී.

 

No description available.

Related posts

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

Mohamed Dilsad

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

Mohamed Dilsad

‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment