ක්‍රීඩා

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

(UTV | කොළඹ) –  පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය හමුවේ අත්හිටුවා තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය අද (10) යළි ආරම්භ වෙයි.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එය පසුගිය මාර්තු මාසයේදී නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

අගෝස්තු 27 වැනිදා සුපිරි අට වටයේ තරග නිමාවට පත් වන අතර, පළමු ශූරතා තරඟ නිමා වන්නේ අගෝස්තු 24 වැනිදායි.

කොරෝනා වසංගතය හේතුවෙන් සුපිරි අට වටය යටතේ සිව් දින ලෙස පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරඟ තුන්දින ලෙස පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ පනවා ඇති සියලු සෞඛ්‍ය උපදේශවලට යටත්ව තරඟාවලිය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සී.සී.සී, කෝල්ට්ස්, යුද හමුදාව, බී.ආර්.සී, හලාවත මේරියන්ස්, එන්.සී.සී., සැරසන්ස් සහ රාගම ක්‍රීඩා සමාජ සුපිරි අට වටයට එක්ව සිටින අතර මීගමුව, එස්.එස්.සී, මුවර්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය සහ ලන්කන් ක්‍රීඩා සමාජ පළමු ශූරතා වටයේ තරඟ වැදෙනු ලැබෙයි.

Related posts

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්(වීඩියෝ)

Mohamed Dilsad

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

Leave a Comment