විදෙස්

ලෙබනනයට යුරෝ මිලියන 250 කට අධික හදිසි මුදල් ආධාරයක්

(UTV | ලෙබනනය) –  පසුගිය 04 වනදා ලෙබනනයේ බේරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැළසීම සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟත්වය පළකර ඇත.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15 ක නායකයන් සමඟ ඊයේ (09) පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සඳහා එකඟතාව පළවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පුද්ගලයින් 150 කට අධික පිරිසක් ජීවිතනක්ෂයට පත්කරමින් ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා එරට සංචාරයක ද නිරත විය.

ප්‍රංශය පමණක් ලෙබනනයට යුරෝ මිලියන 30ක මුදලක් ලබාදෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ලෙබනනයේ බේරුට් අගනුවර සිදුවු පිපිරීමෙන් පසු එරට දෙවන අමාත්‍යවරයාද තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙලෙස තනතුරෙන් ඉවත්වී ඇත්තේ එරට පරිසර අමාත්‍ය ඩේම්යනොස් කට්ටාර් බව විදෙස් වාර්තා පැවසීය.

ලෙබනනයේ ප්‍රවෘත්ති අමාත්‍ය මනාල් අබ්දෙල් සමාඞ් මහත්මියද ඊයේ සිය ධුරයෙන් ඉවත්වූයේ බේරුට් පිපිරීමෙන් පසු ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට වත්මන් පාලනයට හැකියාවක් නැතැයි චෝදනා කරමින්.

Related posts

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

පැය 24කදී ඉතාලියෙන් මරණ 919ක් – ඇමරිකාවේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment