දේශීය

අංගොඩ ලොක්කාගේ කල්ලිය උපයා ඇති දේපළවල වටිනාකම හෙළිවෙයි

(UTV | කොළඹ) – ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කියන මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගොඩ ලොක්කා නැමත්තාට සම්බන්ධ අපරාධ කල්ලිය විසින් උපයාගෙන ඇති දේපලවල වටිනාකම රුපියල් කෝටි 50 කට අධික බව අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.    

බස්නාහිර පළාත තුළ නීති විරෝධී ආකාරයෙන් අත්පත්කරගත් පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක්ද මේ අතර වන බව ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳ අවධාරණය කර සිටියේ පොලිස් මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ අපරාධ සම්බන්ධයෙන් දැනුම්දීමට පොලිසිය විසින් හඳුන්වා දුන් 1997 සහ 1917 කෙටි දුරකථන අංක දෙක වෙත පසුගිය සති දෙකේදී ඇමතුම් 2000 ක් පමණ ලැබී තිබෙනවා.

ඒ හරහා ලද තොරතුරු ඔස්සේ සැකකරුවන් රැසකට එරෙහිව මේවනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 03 ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබිය දී පොලිස් බාරයට ගත් බව ද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

පස් ප්‍රවාහනය සඳහා මෙම ටිපර් රථ යොදා ගන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

කොළඹට අද දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment