විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

(UTV | ඊශ්‍රායලය) – ගාසා තීරය හා භාණ්ඩ හුවමාරු වන මුරපොළ යළි වසා දැමීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඔවුන් වැටුණු විට ගිනි ඇවිලෙන ද්‍රව්‍ය ඇමුණූ හීලියම් වායු බැලූන ද ඊශ්‍රායලය දෙසට යොමු කර ඇති බව සඳහන් වෙයි.

මීට පෙර එලෙස ගිනි ඇවිලෙන ද්‍රව්‍ය සරුංගල් මගින් එවීමෙන් ඊශ්‍රායලයේ ගොවි බිම් රැසක් ගිනිගෙන දැවී ගොස් ඇත.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

Mohamed Dilsad

Leave a Comment