දේශීය

ආයතන 35ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

(UTV |කොළඹ) – පළාත් පාලන ආයතන අමාත්‍යාංශය යටතේ පැවති සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනේ.

නව ගැසට් පත්‍රයකින් මෙම ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කොට ඇති එම ආයතන 35 මෙසේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික
අධිකාරිය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
රාජ්‍ය රහස් තොරතුරු සේවය සේවය
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
සර්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
ආරක්ෂක සේවා පාසල
ජාතික ශිෂ්‍යභට බලකාය
ජාතික ආරක්ෂක අරමුදල
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය
ශ්‍රී ලංකා ජාති ආරක්ෂක විද්‍යායතනය
රණවිරු සේවා අධිකාරිය
අපි වෙනුවෙන් අපි අරමුදල
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මිලෝදා ආයතනය
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ශ්‍රී ලංකා පොලීසිය
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Related posts

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

Editor O

අකුරැස්සේ හිටපු සභාපතිට 15 වසරක සිර දඩුවමක්

Mohamed Dilsad

දඹුල්ලේ එළවළු මිල පහතට

Mohamed Dilsad

Leave a Comment