දේශීය

විදුලි සංදේශ උපකරණ ගැන විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට විශේෂ දැනුම් දීමක් කරයි.

ඒ එම කොමිසමේ ලියාපදිංචි කර ඇති සිම්පත් භාවිතයෙන් ක්‍රියාකරන විදුලි සන්දේශ උපකරණ පමණක් මිලදී ගන්නා ලෙසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක කියා සිටියේ වංචනික ක්‍රියාවලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතු බවයි.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ විදුලි සංදේශ උපකරණ දුරකථන ජාලාවලට සම්බන්ධ කිරීම ඉදිරියේදී අත්හිටුවීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

Mohamed Dilsad

Leave a Comment