දේශීය

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

(UTV |කොළඹ) – අද(13) දිනයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් පස්වරු 2 න් පසුව මෙලෙස වැසි ඇති විය හැක.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් හමන පැ.කි.මි. 40-50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

ඇය-වැය සහ සිංහල අලුත් අවුරුදු කාල සීමාවේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම්වීම ගැන සමගි ජන බලවේගය කරුණු කියයි.

Editor O

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා (28) රැස්වී ගන්න නියමිත තීරණ මෙන්න

Editor O

Leave a Comment