දේශීයප්‍රමුඛ පුවත 1

නව කැබිනට්ටුව ලබන සතියේ රැස්වේ

(UTV |කොළඹ) –  නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මංගල සැසිවාරය සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ සිදුකිරීමට නියමිත අතර මෙවර එය නැරඹීමට පැමිණෙන අමුත්තන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ සමීපතමයින්ගේ සංඛ්‍යාව සීමා කර ඇති බව පාර්ලිමේතු බලධාරීන් සඳහන් කරයි.

 

Related posts

ගල්, වැලි සහ පස් බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ

Mohamed Dilsad

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 06 ක්

Mohamed Dilsad

නූතනවාදී දේශයක් වෙනුවෙන් හෘදසාක්ෂියට එකඟව කැපවෙමු

Mohamed Dilsad

Leave a Comment