දේශීය

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි[PHOTO]

(UTV |කොළඹ) – ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය.

සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන මාධ්‍ය හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.

රජයේ අඩුපාඩු ඕනෑම අවස්තාවක විවේචනය කිරීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඊයේ(12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ.

තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.

 

Related posts

විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධයනයේදී අයකරන හෝටල් ගාස්තු අඩු කරන්න සුදානම්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment