දේශීය

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

(UTV | ලංකාපුර) – කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද (14) සිට යළි විවෘත කිරීමට නියමිතය.

නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩල අද දිනයේ යළි සේවයට වාර්තා කරන බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පසුගිය ජුලි මස 30 වැනිදා සහ අගෝස්තු 03 වැනිදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයෙකුට සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ මැදිහත් වී වහාම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව වසා දැමීමට පියවර ගැනුණි.

Related posts

ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Editor O

කසලවලින් විදුලිය ජනනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment