(UTV |කොළඹ) – තමන් වැඩ ආරම්භ කිරීමත් සමඟ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අමාත්‍යංශයට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කළ යුතු බවයි.
එහි දැක්වෙන්නේ,
යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ තොරතුරු හුවමාරු කරමින් සම්බන්ධ වීමට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.
අදහස් හුවමාරු කර ගැනීමට, කේෂ්ත්‍රයේ පවතින ගැටළු වලට ඇහුම්කන් දීමට,බලධාරීන් අතර සන්නිවේදන මාර්ගයක් ලෙස එය උපයෝගී කරගත හැකි යැයි තමන් විශ්වාස කරන වැව එහි සඳහන් වේ.
යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ තොරතුරු හුවමාරු කරමින් සම්බන්ධ වීමට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතියි. අදහස් හුවමාරු කර ගැනීමට, කේෂ්ත්‍රයේ පවතින ගැටළු වලට ඇහුම්කන් දීමට,බලධාරීන් අතර සන්නිවේදන මාර්ගයක් ලෙස එය උපයෝගී කරගත හැකි යැයි විශ්වාස කරනවා. https://t.co/EH1lvCTkpY
— Namal Rajapaksa (@RajapaksaNamal) August 13, 2020