කලා

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු [PHOTOS]

(UTV | කොළඹ) –  ප්‍රථම වරට හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100 කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය.

ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ‘One Blood’කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමකි.

සිග්මන් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’කතා වස්තුවට සමාන වෙයි.

‘One Blood’සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙයි.

 

 

Related posts

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

නීරංගා හේමපාලගේ ‘කල්පයක් හෝ බලා ඉන්නම්’ එළිදැක්වේ

Mohamed Dilsad

” ගලි බෝයි ” සම්මාන 10 කින් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment