විදෙස්

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

(UTV |ඇමෙරිකා) – එක්සත් ජනපදය හා චීනය අතර අර්බුදය උත්සන්න වීමට පෙර ඉදිරි දිනවලදී අවසන් වරට වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිතය.

ලෝක සුපිරි බලවතුන් දෙදෙනා 2018 සිට ලෝක ආර්ථිකයට හානි කරමින් වෙළඳ යුද්ධයක පැටලී සිටි.

මෙහිදී එක් එක් රටවල ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ජනවාරි මාසයේදී රටවල් දෙකම එකඟ විය.

කෙසේ වෙතත්, පසුගිය මාස හය තුළ මතුවූ ගැටළු හේතුවෙන් සබඳතා වඩ වඩාත් අර්බුදයට ලක්ව ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී චීනය සමඟ ගැටුම් ඇති කර ගත්තේ චීනයෙන් හදුන්වා දුන්  ටික්ටොක් සහ වේචැට් යන යෙදුම් හරහා එරට ජාතික ආරක්‍ෂාවට ගැටළු ඇති වන බව පවසමින් එක්සත් ජනපදයේ ඒවා තහනම් කළ හැකි බවට අනතුරු ඇඟවීමත් සමඟය.

Related posts

බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නිරෝධායන කාලයක්

Mohamed Dilsad

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment