විදෙස්

කොරෝනා හමුවේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ප්‍රබල පසුබෑමක

(UTV | කොවිඩ් 19) – මේ වන විට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට දෙකෝටි අට ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය සමයේ දී යුරෝපා කලාපයේ වසංගත ව්‍යාප්තිය සාපේක්ෂව පහළ ගිය නමුත් මේ වනවිට නැවතත් ඊට වඩා වේගයෙන් වෛරසය පැතිර යන බව අදාළ වාර්තාවල සඳහන් වෙයි.

මෙවන් වාතාවරණයක දී බ්‍රිතාන්‍යයේ ආර්ථිකය 20.4 % ක ප්‍රබල පසුබෑමක් වාර්තා කර තිබේ.

2020 වසරේ දෙවැනි කාර්තුවේ දී කොවිඩ් වසංගතය පැතිරයාමත් සමගින් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර , ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, කාර්තු වශයෙන් ආර්ථික වර්ධන සලකාබැලීම හඳුන්වාදුන් 1955 වසරේ සිට එරටින් වාර්තා වූ විශාලතම ආර්ථික පසුබැස්ම මෙය බවය.

රට අකර්මණ්‍ය කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර හා කර්මාන්ත වසාදැමීමෙන් මේ තත්ත්වය උද්ගත වූ බවත් ‍බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ලොව ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඩමස්කස් වෙළඳසැලකට රොකට් ප්‍රහාරයක්.35ක් මරුට

Mohamed Dilsad

Leave a Comment