දේශීය

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් සේවයට වාර්තා කිරීමට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කර ඇත.

ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය.

අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කිරීම හේතුවෙන් වැඩසටහන අත්හිටුවන ලදී.

අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.

පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ.

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වන අතර සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට හැකියාව පවතියි.

ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින නියම වෙයි

Mohamed Dilsad

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment