දේශීය

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

(UTV | කොළඹ ) – මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසයි.

සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය සදහන් කර තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට අදාළ මුලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලවකවානුවේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම් බහුලව සිදුවිය.

මිට අදාළව පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම තත්වය තුළ පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වේ.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ශ්‍රී පාදය ආශ්‍රිත වෙළෙඳසැල්වල ආහාර සාම්පල බොරැල්ල ට

Mohamed Dilsad

Leave a Comment