දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

(UTV |කොළඹ) – ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණ ඇතිව මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(17) පස්වරුවේ බතික් හා අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ අදාළ අමාත්‍යවරුන්, නිලධාරීන් සහ එම අංශයේ විශේෂඥයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.

දේශීය රෙදිපිළි කර්මාන්තය නංවාලීම සඳහා දේශීයව නිපදවන රෙදිපිළි ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරුණි.

රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදිය.

මෙහිදී ජනධිපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ්-19 සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවයි.

එසේම බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇගලුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු වූ කරුණු ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

බතික් හා අත්යන්ත්‍ර කර්මාන්තය නගා සිටුවීමට සියළු අංශ ආවරණය කෙරෙන සැලසුමක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් අතර සළුසල වැනි ආයතන මගින් මතික් හා අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදකයාට වෙළදපොළක් සකසා දිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් අදාළ විෂය මාලාව අනුව එම ක්ෂේත්‍රයන් හි රැකියාවල යෙදවීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත.

අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුසුකම් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම ඉහළම දරිද්‍රතාවකින් යුත් පිරිස තෝරා ගැනීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රාජ්‍ය සේවයේ දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීම අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම, නායකත්ව ඉලක්ක සපුරා ගැනීම සහ විශ්වාසයේ හැගීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක් කර ගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව උපාධිධාරීන් 51,135ක් පත්වීම් සඳහා සුදුසුකම් සපුරා ඇති අතර සුදුසුකම් නොලැබූවන්ගේ තොරතුරු ද වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

Related posts

රුසියානු තානාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

විදේශයන්හි සිට එන ලාංකිකයන් නිරෝධායන වන දින ගණන අඩු කරයි

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන්නන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් මෙරටට එවලා

Editor O

Leave a Comment