දේශීයප්‍රමුඛ පුවත 3

විදුලිය බිඳවැටීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව අද රැස්වේ

(UTV | කොළඹ) –  විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

මේ සඳහා සොයාබැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි සත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඊයේ (17) පත් කෙරුණි.

මීට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ දහවල් 12.30 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර , මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ක්‍රියාකාරක්මවලට දැඩි බාධා එල්ල විය.

Related posts

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

Editor O

ජනාධිපතිවරණයට වාරණයක් ඉල්ලා ගොනුකළ පෙත්සමට එරෙහිව, සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

Mohamed Dilsad

Leave a Comment