දේශීය

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් , මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 06 වනදාට පෙර ලබා දෙන්නැයි දින නියම කර තිබේ.

අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දෙයි.

මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බවට වාර්තා වන බව එම කොමිසම පැවසුවේය.

මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසුවේය.

Related posts

වත්මන් රජයේ ප්‍රතිපත්තිය ජනපති පැහැදිලි කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

Editor O

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

Editor O

Leave a Comment