විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණවලින් හතරෙන් එකක්ම දින 17 ක් තුළ

(UTV| ඉන්දියාව) – දකුණු ආසියාව තුළ කොවිඩ් 19 වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (17) දින 50,000 සීමාව ඉක්මවූ අතර , එම මරණවලින් හතරෙන් එකක්ම දින 17 ක් තුළදී සිදුව ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   

ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය සහිත රට පසුගිය සතියේ බ්‍රිතාන්‍යය අභිභවා යමින් ලොව සිව්වැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස එක්සත් ජනපදය, බ්‍රසීලය සහ මෙක්සිකෝවට පසුපසින් සිටියි.

කෙසේ වෙතත් බොහෝ විශේෂඥයන් පවසන්නේ අඩු මට්ටමේ පරීක්ෂණ හේතුවෙන් සැබෑ සංඛ්‍යා බෙහෙවින් වැඩිවිය හැකි බවය.

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

නමුත් විශේෂඥ මතය වී ඇත්තේ, ඉන්දියාව තුළ සෞඛ්‍ය පද්ධතිය දුර්වල හෝ පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශවලට වෛරසය ව්‍යාප්ත වන හෙයින් තවදුරටත් වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව පරීක්ෂණ වේගවත් කිරීමට පියවර ගතයුතු බවය.

Related posts

හොංකොං විශ්ව විද්‍යාලයක විරෝධතා උත්සන්න වෙයි

Mohamed Dilsad

ඔමික්‍රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ

Mohamed Dilsad

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment